එම නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ලේ මූලික වැඩ අවසන් කිරීමට සමඟාමීව මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මෙම පිරිත් දේශනාව සංවිධානය කර තිබිණි. ගොඩනැගිලි 6කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ මූලික කටයුතු අවසන් කළ ගොඩනැගිල්ල මහල් 33 කින් සමන්විතය.
මහල් 47 කින් යුත් නිවාස සංකීර්ණ දෙකක්, සිනමාහල්, සාප්පු සංකීර්ණ හා ආපනශාලාවලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සැදුම්ලත්ය.
ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පිරිත් සඡ්ඡායනාව සඳහා වැඩම කළහ.
මෙම අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ වාස්තු විද්‍යාඥ කිම් තේ හී මහත්වරු ඇතුළු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.