මෙහිදී කොවිඩ් -19 පාලනය හා මැඩපැවැත්වීමේ වැඩපිළිවෙලට පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ලබාදෙන සහයෝගයට සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ස්තූතිය පුද කරන ලද අතර, ඉදිරියටත් එම වැඩපිළිවෙල සදහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදි. පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ක්ෂේත්‍රයේ දී මුහුණපාන ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා ඇතුලු නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.
සෞඛ්‍ය ආයතනවල, ක්ෂේත්‍රවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සෞඛ්‍ය අංශවල වගකීමක් බවත්, සෘජුව ආසාදිත යැයි සැකරන පුද්ගලයින් සමග නිතරයෙන් කටයුතු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද PCR පරික්ෂණ සදහා යොමු කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා, අතිරේක ලේකම්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ