වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ තුල ගොවියා,සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන අකාරයේ ක්‍රියාදාමයක් පවතින බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් සංවිධානය කළ හමුවක දී යි.
මෙරට තුල කොරෝනා රෝගය පැතිර ගිය මුල් අවස්ථාවේ දී වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වෙනදාටත් වඩා සක්‍රීයව සිදු කෙරුණු බව මෙම අවස්ථාවට එක් වූ අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පෙන්වා දුන්නේ ය.
2019 / 20 මහ කන්නයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රජය මිල දී ගත් වී තොග සුළු හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියන් යොදාගෙන සහල් බවට පත්කර සතොස වෙත ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළේ, කොරෝනා සමග රට පුරා සහල් හිඟියක් ඇතිවෙමින් පැවැති අවස්ථාවේ එම තත්ත්ව තුරන් කිරිමේ අරමුණෙනි.
ඒ සඳහා අනුරාධපුර සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගෙන් විශාල සහයක් ලැබුණු බව මෙම වැඩපිළිවෙලේ මුලිකත්වය ගෙන ක්‍රියාකළ නිලධාරියෙක් වන අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් බණ්ඩාර නවරත්න මහතා කී ය.
මෙහිදී අදහස් දක්වමන් සුළු හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහන් කළේ , මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු අත මෙරට සහල් ඒකාධිකාරයක් පැවැතිය ද රටට සහල් ලබා දීමේ දී ඉහල දායකත්වයක් තමන්ගෙන් ද ලැබෙන බවයි.
එම නිසා ඉදිරි කන්නයේ දී තම කර්මාන්තය සාර්ථකව සිදුකර ගැනිමට අවශ්‍ය සහය ලබාදනෙ ලෙස ද මෙම අවස්ථාවට රැස් වූ මෝල් හිමියන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ය.
එමෙන්ම ඔවුන් සදහන් කළේ , කොරෝනා සමග රට පුරා සහල් බෙදීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග අත්වැල් බැද ගැනීමත් සමග තම කර්මාන්තයේ පැවැති අඩුපාඩු හදුනාගෙන පෙරට වඩා ප්‍රමිතිගත සහල් නිෂ්පාදනයක් වෙළද පොල වෙත නිකුත් කිරීමේ අවස්ථාව උදා වූ බවයි.
කොරෝනා සමයේ දී සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා රජයෙන් මිලි දී ගත් වී සහල් බවට පත්කර සතොසට නිකුත් කිරිමේ වැඩපිළිවෙළේ දී සහය දැක් වූ සණස සංවර්ධන බැංකුවේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු,වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ , ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ බන්දුල කුමාර , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අනුරාධ දීසානායක ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.