මෙහිදී අදහස් දැක් වූ කථානායකවරයා පැවසුවේ, පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 - 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග කිවයුතු 3වන ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්,එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව නිවේදනය කළේ ය