ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර මෙම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ගම්පහ දිස්ත්‍රික් දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන මේ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බවත් විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය එම වියළි ආහාර ලබා දීම වෙනුවෙන් සහ පෞද්ගලික ආයතනයන්ගේ මැදිහත් වීම මත මුහුණු ආවරණ ආදිය නොමිලයේ ලබා දීමට කටයුතු කළ බවත් රාජ්‍ය සේවයේ නියැළි සියළුම අයට මෙම මුහුණු ආවරණ ආදිය ඉදිරියේදී නොමිලයේ ලබා දීම පිළිබඳවද සළකා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරින් ඇතුළු මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයන්ගේ රාජ්‍ය නිලධාරින්ට මේ වන විටත් මුහුණු ආවරණ ආදිය නොමිලයේ ලබා දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම බදු සංශෝධන පනත කොවිඩ් වසංගත තත්වය පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සෙස් බද්ද ඉවත් කිරීමටත් දේශීය නිෂ්පාදකයන්ට අත හිත දීම සඳහා ඇතැම් බදු ඉවත් කිරීමට සහ ඇතුළත් කිරිම කළ බදු පනතක් වශයෙන් හඳුන්වා දිය හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,
ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණු ආවරණ,ආරක්ෂිත ඇඳුම් ඇතුළු නිෂ්පාදන හමුදාව පොලීසිය ඇතුළු සෞඛ්‍ය අංශයට ලබා දීමේ දී අයකළ යුතු බදු මුදල් පවා නිදහස් කරමින්, ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත හරහා එම නිෂ්පාදන ලබා දීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.