ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 300 ක මුදලක් වැය කොට ඉදි කරන ලද ගාල්ල දිස්ත්‍රික් දඩල්ල ක්‍රීඩාසංකිර්ණය වොලිබෝල් සම්මේලනය වෙත භාරදීමෙන් පසු එහි ඉදිරි සංවර්ධන කටයුතු සොයාබැලීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා පසුගියදා (17) එහි සංචාරයක නිරත විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අවශ්‍ය නේවාසිකාගාරය ඉදි කිරීම,විදුලි ආලෝක පද්ධතියක් සකස් කිරීම, රථ ගාලක් ස්ථාපනය කිරීම, සුදුසු ආපන ශාලාවක් ස්ථාපනය කිරීම ඇතුලු කටයුතු කිහිපයක් පිළිබදව එහිදී සාකච්ඡා විය. ඒ අනුව තෝරාගත් ස්ථානවල අවශ්‍ය ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අදාල නිළධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි. නේවාසිකාගාර පහසුකම් ඉදි කිරීමෙන් අනතුරුව රට පුරා ඇති පාසල්වල වොලිබෝල් ක්‍රීඩාව සදහා දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ස්ථානය වෙත යොමු කර පාසල් වොලිබෝල් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහනක් සදහා අවශ්‍ය කටයුතු මෙම ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එහිදී අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදි.
පාපන්දු ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ ගාල්ල ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට වොලිබෝල් සංගමය සමග එකතු වී සාකච්ඡා කර කාලසටහනකට අනුව අවශ්‍ය පුහුණුවීම් සිදුකරගෙන යාමට දඩල්ල ක්‍රීඩා පිටිය භාවිතා කිරීමට අවසරය ලබා දෙන ලදි. අවශ්‍ය අවස්ථාවල අනෙකුත් මළල ක්‍රීඩා සදහාද දඩල්ල ක්‍රීඩා පිටියභාවිතා කිරීමට අවසර දෙන ලෙස අමාත්‍යවරයා වොලිබෝල් සංගමයෙන් ඉල්ලීමක් කරන ලදි. එමඅවස්ථාවේ ගාල්ල ක්‍රීඩා සමාජ කිහිපයක නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අමාත්‍යවරයා සමග සුහද කතාබහක නිරත විය. ඔවුන් පෙන්වා දුන් කරුණු හා කළ ඉල්ලීම් වෙත අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, එම ඉල්ලීම් ඉටු කිරීමට අමාත්‍යවරයා එහිදී නිළධාරීන් හට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි. වසර ගණනාවක් තම ක්‍රීඩා සමාජ වෙත තිබූ ගැටළු තමන් වෙත පැමිණ ඉටු කරදීම පිළිබදව එම ක්‍රීඩා සමාජ සාමාජිකයින් එහිදී අමාත්‍යවරයාවෙත ස්තූතිය පුද කරන ලදි.
පැමිණ සිටි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තරගපාවාදීම් පිළිබදව තම අමාත්‍යාංශයෙන් කමිටු පත් නොකරන බවයි. ඒ සදහා විශේෂ පනතකින් ස්ථාපනය කර ඇති පොලිස් ඒකකයක් හරහා ක්‍රීඩාව සම්බන්ධ වංචා දූෂණ පිළිබද පරීක්ෂණ සිදු කෙරෙන බවත්, අමාත්‍යාංශය හෝ දේශපාලන අධිකාරිය මෙම ක්‍රියාවලියට මැදිහත්වීමක් සිදුනොකරන බවයි. විශේෂයෙන්ම රට තුල තරග පාවාදීම් සිදු නොවිය යුතු බවත්, තහනම් උත්තේජක පාවිච්චි කිරීම ක්‍රීඩාවෙන් තුරන් කළ යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ ඒ ආයතනවෙත ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යාමට තම උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර සිටියේය.
ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට මුහුදු තීරයේ සංචාරය කළ අමාත්‍යවරයා ඇතුලු නිළධාරීන් කණ්ඩායම වෙරළ ක්‍රීඩා සදහා සුදුසු ස්ථානයක් හදුනාගත් අතර එහි රාත්‍රීයේදී ද ක්‍රීඩා කිරීම සදහා විදුලි ආලෝක පද්ධතියක් සහිතව වෙරළ ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දුන් අතර, වෙරළ තීරයේ ස්භාවිකත්වය හා හරිත කලාපය ආරක්ෂාකරමින් මෙම කටයුතු කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. වෙරළ වොලිබොල්,පාපන්දු, රග්බි, කබඩි වැනි ක්‍රීඩා රැසක් සංවර්ධනයට මෙමගින් පහසුකම් සැළසීමටනියමිතය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු යන මහත්වරුන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසක් එක් වූහ.