මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සහ හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මළික් පීරිස් අතර විශේෂ සාකච්ඡාවක්.

    ඔක්තෝබර් 21, 2020

    කොවිඩ් -19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මළික් පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    ශ්‍රී ලංකාව තුල මේ වනවිට‌ ඇති වී තිබෙන කොවිඩි - 19 රෝග ව්‍යාප්තිය පාලනය, මැඩපැවැත්වීම සහ වැළැක්වීම සදහා ගත යුතු ඉදිරි පියවර හා ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් විය. එමෙන්ම රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේ දී නව තාක්ෂණික උපක්‍රම හා ‌ක්‍රමවේදයන් භාවිතය පිළිබද උපදෙස් ලබාගැනීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.

    විශේෂයෙන්ම කොවිඩි රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු මුදා හැරීමේ දී අනුගමනය කරන්නා වූ ක්‍රමවේද නව විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

    එමෙන්ම PCR පරීක්ෂණ වලට අමතරව නව වෛද්‍ය රසායානාගාර පර්යේෂණ ක්‍රමවේදයන් හදුන්වා දී කෙටි කළක් තුල මෙම රෝගීන්ගේ ප්‍රතිශතය අවම කරගැනීම හා ආවේක්ෂණ කටයුතු විධිමත් කිරීමට ද මෙහිදී යෝජනා වූ අතර, රෝගී ප්‍රදේශ තුල මෙන්ම අනෙක් සියළු ප්‍රදේශ තුල ද රෝගයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබදව ද අවධානය යොමු කරන ලදි.

    මෙම සාකච්ඡාවට දිවයින පුරා සිටින විශේෂඥ වෛද්‍යවරු විශාල පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය, සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය ද සහභාගි වුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya