පවතින කොරෝනා තත්ත්වය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇති බවට වසංගත විද්‍යාඥයින් මෙතෙක් දන්වා නැති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින කොරෝනා වසංගත තත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දකුණු ආසියානු කලාපයෙන්ම පී.සී.ආර් පර්යේෂණ පළමුවෙන්ම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාව බවත් මේ පිළිබඳව රටක් වශයෙන් අප ආඩම්බර විය යුතු බවත් පැවසූ අමාත්‍යවරිය, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව පිළිබඳව වාර්තා වූ දින සිට දින 07ක් ඇතුළත පී.සී.ආර් පර්යේෂණ ලක්ෂයකට වඩා සිදු කළ බවද සඳහන් කළාය. පී.සී.ආර් පර්යේෂණ සිදු කිරීම සඳහාම නව රසායනාගාර 21ක් අලුතින් ඉදි කළ බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.