මෙහිදී විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ අවස්ථාවේදී මේ රටේ පවත්නා 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක බලතල ජනාධිපතිරයාට සහ කැබිනට් මණ්ඩලයට යළි ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වූ බවත් ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ පසු අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවයි.
නීත්‍යානුකූලව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ පසු ගැසට් පත්‍රයේ පළ කර ඊට එරෙහිව යම් අභියාචනයක් කිරීමට ඇත්නම් ජනතාවට සති 02 කාලයක් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව 39 දෙනෙකු ඊට එරෙහිව උසාවි ගිය බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
අනතුරුව අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධයට එක් කිරීමට බලාපොරොත්තු වන සශෝධන පිළිබඳව සාරාංශ වශයෙන් දැක් වූ අතර එය අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව 3 වන වගන්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ බලතල වලට සාධාරණ මැතිවරණයක් පැවැත් වීම යන වගන්තිය ඇතුළත් කර ඇති බවද 05 වන වගන්තියට අනුව එතුමාගේ ධූරයේදී ගනු ලබන යම් යම් තීරණ සම්බන්ධයෙන් අධිකරණයට යා හැකියි යන කොටස එළෙසම පවත්වාගනිමින් ඒ සඳහා ඇති බලතල පුරවැසියාට ලබා දීමටත් තීරණය කර ඇති බව අමතාවරයා කීය.
පාර්ලිමේන්තුව විසුරවීම සඳහා ජනතාවට කන් දෙමින් අවශ්‍ය සශෝධනයන් කර ඇති බවත් පාර්ලිමේන්තුව විසිරිවිය යුත්තේ වසර 4 1/2 යන්න වසර 2 1/2 දක්වා සංශෝධනය කරන බවත් එයද අවශ්‍ය නම් සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය
22 වන වගන්තිය අනුව මැතිවරණ කොමසාරිස් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීමට රාජයේ මාධ්‍ය ආයතන වලට ඉඩ ලබා දෙන බව කියන වගන්තියද එලෙසම පවත්වා ගැනීමට කටයුතු කරන බව පැවසීය.
හදිසි ආපදා තත්වයකදී හෝ ජාතික ආරක්ෂාව පිළිබඳව කාරණයකදී හැර අන් කිසිදු අවස්ථාවක හදිසි පනත් කිසිවක් සම්මත නොකර ගැනීමටද රජය තීරණය කළ බවද අමාත්‍යවරයා කීය.
ජනතාවගේ හඬට කන් දෙමින් විඝණනය සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන සිදු කර 19 වන ව්‍යවස්ථාවේ කරුණු ඒ ලෙසම විඝනණය සම්බන්ධයෙන් ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා කීය. පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්ද කැබිනට් මන්ත්‍රීධූර සංඛ්‍යාව 30කට සහ කැබිනට් නොවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 40කට සීමා කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. මෙම සියළු යෝජනා ජනතාවගේ කැමැත්ත පරිදි සිදු කරන බවද අමාත‍්‍යවරයා පෙන්වා දුන්නේය. 17 සහ 19 වන ව්‍යවස්ථා ගෙනාවේ ජනතාව වෙනුවෙන් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවසා සිටියේ ය .ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුකූල නොවන කිසිදු සශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.