මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    19 වන සංශෝධනයේ සද්භාවය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණයක්- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ඔක්තෝබර් 21, 2020

    ආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වන සංශෝධනය ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සාධාරණ සමාජයක් යන්න මෙරට තුළ යථාර්තයක් කර ගැනීමට 19 වන සංශෝධනය සාකච්ඡාවට බඳුන් කළ යුතු වන බවත් ඊට හොඳම ව්‍යයාමය වන්නේ 20 වන සංශෝධනය බවත්, 20 වන සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

     2015 න් පසු දින 100 වැඩසටහනේ එක අංශයක් ලෙස 19 වන සංශෝධනය මෙරට තිබු සියලුම ගැටලුවලට විසඳුමක් ලෙස එවකට මෙරට පාලකයින් සිතා කටයුතු කළ බවත්, 19 වන සශෝධනය මඟින් ස්වාධින කොමිෂන් පත් කිරීම සම්බන්ධව පසුගිය කාලපරිච්ඡේදය තුළ වැදගත් අංගයක් ඉටු කළ රජයක් ලෙස එදා සිටී ආණ්ඩු පක්ෂය සැම අවස්ථාවකම ප්‍රකාශ කළ බවත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ ඒ මහතා එවකට සමාජ සංවර්ධන වැඩපිළිවෙලවල් නතර වීම මෙන්ම මෙරට ආර්ථිකය කඩාවැටීම ද සිදු වීම සම්බන්ධව කරුණු අනාවරණය කළේය.

    එමෙන්ම, ඒ පිළිබඳව රජය කුමක් ද සිදු කරන ලද්දේ යැයි පසුගිය රජයෙන් ප්‍රශ්න කරන විට ස්වාධින කොමිෂන් ගෙන ආ බවත්, ව්‍යවස්ථාදායක සභාව හරහා මෙරට සමාජ සාධාරණත්වය ගෙන ඒමට කටයුතු කළ බවත් යැයි පවසනු ලැබූ බවත් සඳහන් කළ රඹුක්වැල්ල මහතා 19 වන සංශෝධනය මඟින් රජයක් වශයෙන් සමාජ සාධාරණය සිදු කරන්නේ නම් පළමුව ජනතාව ඉදිරියට යාමට කිසිඳු බියක් දක්වන්නේ නොමැති බවත්, එවකට සිටී පාලකයින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව බියක් දක්වන බවත්, කිසිඳු අවස්ථාවක ජනතාව ඉදිරියට යාමට කිසිඳු කැමැත්තක් පසුගිය රජයට නොතිබූ බවත්, පළාත් පාලන මැතිවරණය පවා හිතාමතා කල් දැමීමට කටයුතු කළ බවත් මෙහි දී ප්‍රකාශ කළේය.

    2015 මැතිවරණයෙන් පසු පසුගිය රජයේ මූලික ඉලක්කය වුයේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත යුතු යැයි සිතා ඔවුන් කටයුතු කිරීම බවත්, 19 වන සංශෝධනයේ සද්භාවය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙරට ජනතාව පමණක් නොව සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණයක් බව ද ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලද දේශපාලන ව්‍යායාමයේ කොටසක් ලෙස 20 වන සංශෝධනය සාදා ඇති බවත්, නීතිපති වරයා හරහා උසාවියට ඉදිරිපත් කරන ලද 20 වන සංශෝධනයේ තවත් ව්‍යවස්ථාදායක වෙනස්කම් සිදු කිරීමට සුදානම් බවත්, මෙරට සියලුම ආගමික නායකයින්ගේ අදහස් වලට ගරු කිරීමට ආත්මශක්තියක් පවතින බවත්, ඊට ජනතාව විසින් ලබා දුන් වරම ප්‍රධාන හේතු සාධකයක් වන බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කරන ලදුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මුළු මහත් සමාජයේම අදහස් එකට එක්කොට ඒවා ඉදිරියට ගෙන ගොස් කළ යුතු සියලු වෙනස් කම් කොට කටයුතු කිරීම බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya