මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉන්සි සිමෙන්ති සමාගම ගිවිසුම්ගත වෙයි

    ඔක්තෝබර් 22, 2020

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉන්සි සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී 21 දින පාර්ලිමේන්තුවේදී සිදු විය.

    මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ඩොලමයිට් නිධිය තුළින් ලබා ගන්නා ඩොලමයිට්, සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන පුත්තලම ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් තැබිණි.


    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතා සහ ඉන්සි සිමෙන්ති සමාගම වෙනුවෙන් සභාපති නන්දන ඒකනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.


    මෙම ගිවිසුම්ගතවීම ඔස්සේ සෞභාග්‍යයේ දැක්ම යටතේ කුඩා කර්මාන්ත නගා සිටුවීම, අවම මුදලක් යටතේ දේශීය ජනතාවට සිමෙන්ති සැපයීමට හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මූල්‍යමය වාසියක් ලැබීමට අපේක්ෂිතය.


    මීට අමතරව මාතලේ ප්‍රදේශයේ ජනතාවට රැකියා උත්පාදනයවීම හා රාජ්‍ය ඉදිකිරීම්වලට අදාළ සිමෙන්ති අඩු මිලට ලබා ගැනීම මෙමඟින් සිදු වේ.


    පසුගිය ආණ්ඩුව විසින් මාතලේ පිහිටි ඩොලමයිට් නිධිය ආශ්‍රිත නිෂ්පාදන 2015 වසරේ සිට සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබූ අතර නව රජය යටතේ නැවත එහි කටයුතු ආරම්භ විය.


    මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති ඉංජිනේරු භාග්‍ය ජයතිලක මහතා හා ඉන්සි සිමෙන්ති සමාගමේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya