2019 වර්ෂයේදී ජාතික පාසලක් බවට පත්කෙරුණු තෝපා වැව ජාතික පාසල මේ වනවිට සිසුන් 2000 ක් පමණ අධ්‍යාපනය ලබන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම විද්‍යාලයකි.
එහි ප්‍රාථමික අංශය වෙනමම ස්ථාපනය කිරීමට කළක සිට සාකච්ඡා කෙරෙන අතර එය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ප්‍රාථමික අංශය වෙනමම ස්ථාපිත කිරීමට යෝජිත රජයේ භූමිය නිරීක්ෂණයට ඔක්තෝබර් 18 දින ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ කාන්තා හා ළමා සංවර්ධන , පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද එක්විය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින් ප්‍රමුඛ රාජ්‍ය නිළධාරින් රැසක් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත් එක්වූහ.