ඇමතිවරයා මේ බව පැවසුවේ මාර්ගගත ක්‍රමයට මහජන දිනය ඉකුත්(20) දින පවත්වමිනි.
කොවිඩ් 19 වෛරස රෝග තත්ත්වය හේතුවෙන් පරිසර අමාත්‍යාංශයේ මහජන දිනය පැවැත්වීමේ දී මුහුණ දිය හැකි ගැටලු සහගත තත්ත්වය අවම කර ගැනීම සඳහා මහජන දිනය ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්ට උපදෙස් දී තිබිනි.
ඒ අනුව පසුගිය සඳුදා (20) පරිසර අමාත්‍යාංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට අමාත්‍යවරයා විසින් පවත්වනු ලැබීය. ඇතැම් ව්‍යාපාරිකයින්ගේ මෙන් ම කොන්ත්‍රාත්තුකරුවන්ගේ ඉත්තන් බවට රාජ්‍ය සේවකයින් හා නිලධාරින් පත්ව සිටින බවත්, ඇතැම් දැවන්ත පරිසර හානි කිරීම් පසුපස සිටින ව්‍යාපාරිකයින් එම නිලධාරින් මුදලට මිල දී ගෙන ඇති බවත්, මේ නිසා පරිසර නීති කිසිවක් දුරබැහැර ප්‍රදේශවල ක්‍රියාත්මක නොවන බවත් මහජනතාව අමාත්‍යවරයාට පවසා තිබේ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, පරිසර පනතේ ඇතුළත් වගන්ති මේ වනවිට ප්‍රමාණවත් නොවන බවත්, එමනිසා දැනට වඩා ශක්තිමත් නීති මෙන්ම දඩුවම් ලබා දීමේ ක්‍රමයන්ද වෙනස් කිරීමට තමන් දැනටමත් කටයුතු යොදා ඇති බවය.
එමෙන්ම කිසියම් නිලධාරියෙක් පරිසර හානිකරවන්නන් හට සහාය වෙමින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසත් මේ අන්දමින් ඔන්ලයින් ක්‍රමයට තමන් හා සම්බන්ධවිය හැකි බවත්, එවැනි සිදුවීම් දැනුම් දීම සඳහා දුරකථන අංක 04ක් දැනටමත් හඳුන්වා දී ඇති බවද, අමාත්‍යවරයා කීය.
රාජ්‍ය නිලධාරින් පරිසරය විනාශ කිරීම සඳහා මුදලට කටයුතු කරන්නේ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ද සහභාගි විය.