20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දින විවාදයට එක්වෙමින් අද(22) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ණය ලබා ගැනීමෙන් පමණක් ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බවත් මේ රටට ආයෝජන ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බවත් පැවසූ අමාත්‍යවරයා හිටපු අගමැති සහ හිටපු ජනාධිපති අතර පැවති අභ්‍යන්තර ගැටුම හේතුවෙන් පසුගිය සමයේ කිසිම ආයෝජකයෙක් මෙරටට නොපැමිණි බවත් කිසිම ආයෝජකයෙකුගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ බවද සඳහන් කළේය. 19 වන ව්‍යවස්ථාවේ සෘජු ප්‍රතිඵල ලෙස මේ සියල්ල ඇති වූ බවත් මෙමගින් කිසිදු පුද්ගලයකුට හානියක් නොවන බවත් හානිය සිදුවන්නේ රටට සහ ආර්ථික ව්‍යවුහයට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසර 04 ක පමණ කාලයක් තිස්සේ 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ බවත් එම තත්වය පුද්ගලයන් දෙදෙනෙකු අතර මෙන්ම ප්‍රතිපත්ති, දර්ශන, සහ පසුබිම අතර පැවති ගැටුම් හේතුවෙන් පසුගිය රජය තුළ කිසිම නිලධාරියෙකුට වැඩ කිරීමේ පසුබිමක් නොතිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
වසර 04 ක පමණ කාලයක් තිස්සේ 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ බවත් එම තත්වය පුද්ගලයන් දෙදෙනෙකු අතර මෙන්ම ප්‍රතිපත්ති, දර්ශන, සහ පසුබිම අතර පැවති ගැටුම් හේතුවෙන් පසුගිය රජය තුළ කිසිම නිලධාරියෙකුට වැඩ කිරීමේ පසුබිමක් නොතිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
රජය පූර්ණ විනිවිදභාවයෙන් මෙම කටයුතු සිදු කරන බවත් එය පසුගිය රජය සමයේ කටයුතු සිදුවූ ආකාරය හා සමග සසඳා බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. පසුගිය රජය යටතේ වසර 2 1/2 මැතිවරණ පැවැත්විය නොහැකි තත්වයක් රටට උදා වූ බවත් එහෙත් මෙම සංවේදී රජය මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් භික්ෂූ වහන්සේලා සහ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ කරුණු සියල්ල සැළකිල්ලට ගනිමින් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
ඊයේ දිනයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් විග්‍රහ කරමින් පාර්ලිමේන්තුවේ බලතල කිසිවිටකත් මෙමගින් දියාරු නොවන බවද පෙන්වා සිටියේය. විගනණ පණත සම්බන්ධයෙන් ද, එම පණත ඒ ආකාරයෙන්ම පවතින බවත් කමිටු අදියරේදී එම විගනණ පණතේ වගන්ති ඒ ආකාරයෙන්ම 20වන ව්‍යවස්ථා සංශෝධන පණතට ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොමිෂන් සභා පිළිබඳව මෙතරම් භිය වන්නේ ඇයි දැයි විපක්ෂය පක්ෂ කරන බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ඡන්ද බලයෙන් පත් වූ ජනාධිපතිවරයාටත් වඩා බලතල ඇතැම් කොමිෂන් සභාවන්ට පැවතීම අසාධාරණ බවයි.මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශ්වාසය තබමින් එය සම්මත කර ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස අමත්‍යවරයා ඉල්ලා සිටියේය
19 වන සංශෝධනයේ අන්තර්ගත ප්‍රධාන ගැටලුව වන්නේ වගකීම් භාර වුවත් එම වගකීම් ඉෂ්ට කිරීම සඳහා බලය නොලැබීම බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඊට හොඳම නිදර්ශනය වන්නේ මෙරට ආරක්‍ෂාව බවත් ජනාධිපතිවරයෙකුගේ ප්‍රමුඛ යුතුකම වන්නේ මෙරටේ ආරක්‍ෂාව සාක්ෂාත් කිරීම බව ජනාධිපතිවරයෙකු පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වන වගන්තිය තුළ ඉතාමත් පැහැදිළිව ප්‍රකාශ වන බව ද අවධාරණය කළේය.
එහෙත් ජනාධිපතිවරයෙකු ලක්ෂ 69 ක ඡන්දයකින් පත්විය හැකි වුව ද ආරක්ෂක අමාත්‍යංශය දැරිය නොහැකි වන බව 19 වන සංශෝධනයේ සඳහන් වන බවත්, වගකීම් සම්භාරයක් ජනාධිපතිවරයා සතු වන අතර එම වගකීම් ප්‍රයෝගික තලයක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය නොලැබෙන බවත් මෙහි දී ප්‍රකාශ කරන ලදුව 19 වන සංශෝධනයෙන් ස්ථාපිත වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුකුල වු ව්‍යුහයක් ද යන්න ප්‍රශ්න කිරීමට ද ලක් කරන ලදී.
එමෙන්ම, කිසිඳු ආයෝජකයෙකු මෙරටට ආයෝජන ගෙන එන්නේ ද, යන්න පිළිබඳව ද විග්‍රහ කළ ඒ මහතා ණය ලබා ගැනීමෙන් පමණක් මෙරට ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව කී ඒ මහතා මෙරට තුළ දේශපාලන දෝලනය වීම් සිදු වීම් මත ලොව අවධානය ඊට යොමුවීම මත කිසිඳු අයෝජකයෙකුගේ විස්වාසය දිනාගත නොහැකි බව ද සඳහන් කරන ලදුව මෙකි සියලු ප්‍රතිඵල ඇතිවූයේ 19 වන සංශෝධනයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසින් බව අමාත්‍යවරයා විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී. ඒ අනුව. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම පැවතුණහොත් රටට විශාල හානියක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.,