නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඒ වෙනුවෙන් කමිටුවක් පිහිටුවා ඇති බවත් පක්ෂ, විපක්ෂ මෙන්ම රටේ විවිධ පාර්ශවයන්ගේ අදහස් සහ යෝජනා ඒ සඳහා ඉදිරිපත් කළ හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, තමා එම ක්‍රමවේදය පිළිබඳව පෞද්ගලිකවම සතුටු වන බවද කීය. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියල්ලන්ම සහා සියළු පුරවැසියන් එක්ව වසර 5ට 10ට නොව දීර්ගකාලීනව ක්‍රියාත්මක කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළයුතු බවද අමාත්‍යවරයා කීය.
මනාප ඡන්ද ක්‍රමයක් නැති නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව සියළු දෙනා ඉල්ලීම් කරන බවද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එය සම්පූර්ණ කර ගත හැකි වේ යැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.