මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ 691ක් පොලිස් භාරයට

    ඔක්තෝබර් 23, 2020

    ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 88ක් පොලිස් භාරයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    මේ වනවිට පොලිස් අත් අඩංගුවට පත්ව ඇති සමස්ත ගණන 691කි. පොලිස් භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 92කි.ගත වූ පැය 24ක කාලය තුළ වාහන 17ක් පොලිස්භාරයට පත් වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ය.

    එමෙන් ම නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට එම ප්‍රදේශවලට පුද්ගලයින් බැස්සවීම හෝ නංවා ගැනීම නොකළ යුතු අතර එලෙසසිදු කළ වාහන 12ක් අත් අඩංගුවට ගත් බවත් ඉදිරියේ දී ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya