ජනතාව වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ජීවන චර්යාවකට හුරුවන ලෙසත් ජනාධිපති ප්‍රමුඛ රජය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම භාර ගන්නා බවද කීය.
අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ කොවිඩ්19 සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
අද වන විට මෙරට පී.සී.ආර් පර්යේෂණ 427,000 සිදු කර ඇති බවත් රෝහල්, විශ්ව විද්‍යාල සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයන්ගේ ක්‍රම ක්‍රමයෙන් මෙම පර්යේෂණ සිදු කරන ප්‍රමාණය වැඩි වූ බවද අමාත්‍යවරයා කීය. පළමු පර්යේෂණ 50,000 සිදු කිරීමට දින 95ක් සහ දෙවන පර්යේෂණ 50,000ට දින 34ක් තෙවන පර්යේෂණ 50,000 දින 30ක් , දින 27 ක් ,දින 25ක් , දින 08ක් , හා අවසන් පර්යේෂණ 50,000 දින 6 ක් ඇතුළත සිදු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය ඉතා කාර්යක්ෂම සේවාවක් බව පෙන්වා දුන්නේය.
රජය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පවා වෙනස් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවට අනුව කොවිඩ -19 අභියෝගය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කර ගැනීම සඳහා සක්‍රීය වන විවාදයක් බවට මෙම විවාදය පත් කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ලෝක වසංගතයක් බවට පත්ව ඇති මෙම රෝගය ලංකාව තුළ මනාව කළමණාකරණය කිරීම සඳහා ජනාධිපති, සෞඛ්‍ය අමාත්‍යවරිය,වෛද්‍යවරු,හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු , කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, බුද්ධි අංශ නිලධාරින් ඇතුළු සියළු දෙනාටම ප්‍රණාමය හිමිවිය යුතු බවද කීය.
මෙම රෝගය නිසා ලෝකයේ ඇති වූ ව්‍යාකූලත්වය මෙරට තුළ ඇති වීමට ඉඩ නොදී ඉතා හොඳින් කළමණාකරණය කර ගැනීම පිළීබඳවත් සහ කලාපයේ අනෙක් රටවල් සමග සසඳා බැලූ විට ජනගණත්වය අනුව කොරෝනා මරණ සහ රෝගින් අඩුම රටක් ලෙස අපේ රට හැඳින්විය හැකි බවද මෙම වසංගත තත්වය ඉතා හොඳින් කළමණාකරණය කළ නිසා රෝගින් , සහ සංකූලතා ඉතා අවම මට්ටමේ තබා ගත් බවද පෙන්වා දුන්නේය.