කොරෝනා වසංගත අභියෝගය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ, මානව සම්පත ඇතුළු සියළු පහසුකම් ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නොපැකිළව කටයුතු කළ බවත් අවශ්‍ය ප්‍රතිපාදන කිසිදු හිඟයකින් තොරව ලබා දුන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.
බටහිර වෙඳකම හෙළ වෙඳකම සහ ආයුර්වේදය යන වෛද්‍ය ක්‍රම තුන සඳහාම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් මෙම රෝගය මර්ධනය කිරීම සඳහා කටයුතු කළ බවත් දේශිය වෛද්‍ය ක්‍රමයේ පවත්නා වාෂ්ප ඇල්ලීම වැනි ක්‍රම පවා වෛද්‍යවරු අනුගමනය කරමින් රෝගය මර්ධනය කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.
රජයක් වශයෙන් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සියළු දැනුම , තාක්ෂණය, සහ සම්පත් කළමනාකරණය කළ බවද වරින් වරට වෙනස් වෙමින් නැවත මතුවිම ගෝලීය වසංගත තත්වයක ස්වභාවය බවත් මෙය ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය වසංගත තත්වයක් සාමාන්‍යයෙන් වසර 02ක පමණ කාලයක් පැවතීම ස්වභාවය බවද මෙම කොරෝනා වසංගත තත්වයද ඉදිරි වසර කිහිපයක් පැවතිය ද ඊට මුහුණ දීමේ හැකියාව රජය තව තවත් වර්ධනය කර ගන්නා බවද අමාත්‍යවරයා කීය