වලගම්බා රජු දවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇති සහ ඌව වෙල්ලස්ස සංහාරයෙන් දිවි ගලවා ගැනීමට කැලෑ වැදුන වෙල්ලස්ස ජනතාව රැදුන එක් කැලෑ ගම්මානයකි පිටමාරුව ගම. බදුල්ල මීගහකිවුල සහ මඩොල්සිම අතර කඳු අතර පිහිටි මෙම ගම සහ පරිවාරයේ පිහිටි රොබේරිවත්ත,කළුවාකඳුර,හිටිතැන්පොල,කැටවත්ත ඇතුළු ගම්මාන දහයකට ආසන්න සංඛ්‍යාවක ජනතාවට ගමන් පහසුව සලසන එකම මාර්ගය මෙය වේ.මේ ගමට එන එකම බස් රථය ද නිරන්තරයෙන් ගමන් නතර කරන්නේ මාර්ගයේ පවතින දුෂ්කර තත්වය නිසාය.වසර සීයයකට ආසන්න කාලයක් ස්ථිරසාර සංවර්ධනයකට ලක් නොවූ මෙම මාර්ගය විධිමත් ලෙස සංවර්ධනය කිරීම (17) ආරම්භ විය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි මහමාර්ග සංවර්ධන අමාත්‍යංශය මේ සඳහා රුපියල් මිලියන 139 වෙන් කර ඇත.ඒ අනුව මෙම මාර්ගයේ පළමු පියවර යටතේ කිලෝ මීටර් 4 ක් කාපට් කර සංවර්ධනය කෙරේ.ඒ තුළින් පවුල් 3000 ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබති.මෙම මාර්ගයේ පවතින දුෂ්කරතාවය නිසාම මෙහි දි අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,වසර ගණනාවක් දැඩි දුෂ්කරතා විදි ජනතාවගේ එකම ඉල්ලීම මෙම මාර්ගය සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බවය.
මෙම අවස්ථාවට මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන ,හිටපු පලාත් සභා මංත්‍රි එම්.පී ලීලසේන යන අය ද එක් වූහ.