එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව්වල මිරිදිය මත්ස්‍ය ධාරිතාවය වැඩිකිරිමේ අරමුණෙන් මිරිදිය මත්ස්‍ය පැටව් වැව් වෙත මුදාහැරීමේ ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමත්, දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ දැනට පවතින ගැටළු හා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින් ඇතුළු ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නිළධාරින් රැසක්ද එක්වූහ. සෞභාග්‍යයේ දැක්මෙන්' ගොඩනැගෙන රට තුළ මිරිදිය ධීවර කර්මාන්තයත්, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රවර්ධනයට පත්කිරීම මගේ එකම අරමුණ බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.