මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා අරලියගහ මන්දිරයේදී අගමැති හමුවෙයි

    ඔක්තෝබර් 25, 2020

    මෙරට කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් 23 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

    මෙම හමුවේදී ශ්‍රී ලංකාව “ආරක්ෂිත රටක්” ලෙස පැවසූ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නැයි කොරියානු ආයෝජකයන්ට ආරාධනා කළේය.

    දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකි. මේ වන විට කොරියානු සමාගම් 115 කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන අතර දෙරට අතර සමස්ත වෙළඳාම පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 327 ක් ඉක්මවිය. මෙම වෙළඳාම තවත් ඉහළ දැමීම සඳහා රටවල් දෙකම උනන්දුවෙයි.
    පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙම හමුවේදී තානාපති ජියොන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කළ අතර රජයට ලැබුණු ජනවරමට හේතු වූයේ විශ්වාසනීය බැඳීම බව සඳහන් කළේය.
    කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීම පිළිබඳව රජයට ප්‍රශංසා කළ තානාපති වුන්ජින් ජියොන්ග් මහතා, කොවිඩ්-19 අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරත්තර සහයෝගය ලබා දෙන බව පැවසීය.
    ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ඉදිරියේදී ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනයකරගත හැකි එෆ්.ඩී.අයි., අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවකයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
    කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මැතිතුමා සමඟ කළ දුරකථන ඇමතුම සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කොරියානු අග්‍රාමාත්‍යවරයාට ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනය තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සමග නැවත සිහිපත් කළේය.

     

    කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව සඳහන් කළ තානාපති ජියොන්ග් මහතා, “අපි සැමවිටම සමීප මිතුරන් වන්නෙමු.”යැයි මෙම හමුවේදී විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya