මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාවක්

    ඔක්තෝබර් 25, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රට වැසියාට සෙත් පතා දින 07ක් පුරා පවත්වනු ලබන රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව නාරාහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර ක‌ර ගනිමින් ඊයේ දින ආරම්භ විය.

    පිරිත් දේශනාව සඳහා සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක්විය.


    කොවිඩ් - 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියෝ පැවසූහ.


    උන්වහන්සේගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරථන නාහිමි, පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නාහිමි, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන විද්‍යාලංකාර නාහිමි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි හා පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.


    මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya