බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් (24) දින ආරම්භ කෙරිණි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
අතිගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව හාලිඇල සිට කැටවල, මස්පන්න, කීර්ති බණ්ඩාරපුර දක්වා කොටස ඉදිකිරීමෙන් පසු ජනතාවට බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා ගමන් කිරීමට මෙම මාර්ගය භාවිතා කළ හැක.
එහි පළමු අදියර ලෙස හාලිඇල මස්පන්න දක්වා වූ කොටසේ කිලෝ මීටර් 25 ක දුරක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1,375 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1634 තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රි.ව 1634 – 1638 දක්වා කාලයේ ඌවේ රජකල ප්‍රාදේශීය නායකයකු වූ කුමාරසිංහ රජු විසින් බදුල්ල සිට මහනුවර රජවාසල දක්වා ගමන් කිරීමට යොදාගත් මාර්ගයයි. දැඩි ලෙස අබලන් වී ඇති මාර්ගය වසර 13 කට පසු ඉදිකිරීම් ආරම්භ කිරීම මෙම ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධාන ගැටළුවකට විසදුම් ලබා දීමකි.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
ඒ, බී මාර්ග කිලෝ මීටර් 12,500 ක් තියෙනවා. එයින් කිලෝ මීටර් 8,500 ක් හදලා ඉවරයි. ඉතිරි කිලෝමීටර් 4,000 ක ප්‍රමාණය මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුළ අවසන් කරන්න තීරණයක් ගෙන තිබෙනවා. ඒ වගේම සී, ඩී මාර්ග කිලෝ මීටර් 16,800 ක් තියෙනවා. එයින් මාර්ග කිලෝ මීටර් 8,600 ක් හදලා ඉවරයි. තව කිලෝ මීටර් 8,000 ක් හදන්න තියෙනවා. එම මාර්ග පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඉදිරි වසර දෙක තුළ ඉදිකිරීම් අවසන් කරනවා.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, සුදර්ශන දෙණිපිටිය, හිටපු ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් ව්‍යාපෘත අධ්‍යක්ෂක ටී.කේ.එම්.ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.