සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.
වාරියපොල ආසනයේ පලමු කණ්ඩායම ලෙස 321 දෙනෙකුට ඒ යටතේ පත්වීම් ලිපි ප්‍රදානය පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා අතින් වාරියපොල ශ්‍රී.ල.පො.පෙරමුණු පක්ෂ කාර්යාලයේදී සිදු කෙරිනි.
වාරියපොල ප්‍රාදේශීය සභා සභාපති, ගල්ගමුව ප්‍රා.සභා උප සභාපති ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.