ඇතැම් අභයභූමි මෙන්ම වනසංරක්ෂණ කළාප අනවසරයෙන් ඇතැම් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අත්පත් කර ගනිමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම සඳහාත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් තීරණය කර ඇත.
ඒ අනුව ඉඩම්, පරිසර හා වනජීවි අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගේ එකගතාවය මත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිිරිපත් කිරීමට යෝජිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
දැනට අනවසරයෙන් රක්ෂිත ඉඩම් හා අභයභූමිවල ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අදාල අභයභූමිවලට අයත් ඉඩම් ප්‍රමාණය කුමක්දැයි මැණ සිමා මායිම් ලකුණු කර නොතිබිම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ. පසුගියදා මුතුරාජවෙළ ආශ්‍රිතව හා බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව කළ විමර්ශණවල දී මෙම තත්ත්වය වඩාත් පැහැදිළිව අවබෝධ කර ගැනීමට හැකි වු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බලාත්කාරයෙන් හා අනවසරයෙන් එම ඉඩම් අත්පත් කර ගෙන සිටින්නන් ඉවත් කිරීමට නොහැකි ව ඇත්තේ නිශ්චිත සීමා මායිම් වෙන් කර නොමැති නිසාය.
එමෙන්ම සංරක්ෂිත හා රක්ෂිත වනයන් හැර වන සංරක්ෂණ ජනරාල්ගේ පාලනය යටතේ ඇති අවශේෂ කැළෑ ඉඩම්වලින් කැළැ නොවන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමට ද තීරණය කර ඇති බවත් ඒ සඳහා ද ඉහත අමාත්‍යාංශ තුනේ ඒකාබද්ධතාවයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.