මෙරට තුළ උද්ගතව පවතින COVID-19 වෛරසයේ බලපෑම මත ජනතාව විසින් මසුන් මිල දී ගැනීමේ අඩුවක් හේතුවෙන් ගොඩගැසී ඇති මත්ස්‍ය සම්පත මිල දී ගැනීම ධීවර සංස්ථාව මඟින් සිදු කරන බවත්, මේ වන විට ධීවර වරායන් රාශියකම මසුන් මිල දී ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාර්ගගත ක්‍රමය හරහා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම, රජය විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී සක්‍රියව මැදිහත් වී මෙම මත්ස්‍ය සම්පත මිල දී ගැනීමට කටයුතු කළ බවත් ඒ සඳහා මෙරට ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මත්වරුන්ට ද මෙහි දී ස්තුතිය පල කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, මීට දින තුනකට පෙර මතු වූ තත්ත්වය සමනය වෙමින් පවතින හෙයින් ද, පැය 72 ක් යනතුරු මසුන් ගොඩබිමට ලබා නොගැනීමට කටයුතු කරන ලෙස පැනවූ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ සක්‍රියව මැදිහත් වී අවසර ලබා දුන් හෙයින් ද, ලබා ගත් මසුන් කොටස් වශයෙන් මේ වන විට ධිවර සංස්ථාව විසින් මිල දී ගනු ලබන බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
ඊට අමතරව, ධිවර ජනයා මුහුණ දී ඇති ගැටළුව නිසා සැමන් සඳහා යොදවා ඇති බදු සහන ඉවත් කර යම් තරමකට මෙම මාළු වෙළදාමට අවශ්‍ය ශක්තිය ලබා දීම උදෙසා මෙම මසුන් විශාල වශයෙන් සැමන් නිෂ්පාදනය සඳහා සැමන් මාළු කර්මාන්තශාලාවට යොදාගැනීමට රජයට යෝජනා කර ඇති බව ද, ඒ වෙනුවෙන් දැනටමත් මසුන් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් රජය මඟින් වෙන් කොට ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.