අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිලිබඳව සහ මෙහි දී ඇති කරනු ලබන ද්විපාර්ශ්වික එකඟතා පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.
මෙරට වෙළඳ ශේෂය සම්බන්ධව ගත් විට රටවල් ගණනාවකින් අපනයන සම්බන්ධයෙන් අවාසිදායක තත්වයක් තිබුණ ද, එක්සත් ජනපදයත් සමඟ තිබෙන වෙළඳ ශේෂය සම්බන්ධව සතුටට පත්විය හැකි බවත්, එය තවදුරටත් වැඩි කර ගැනීමට මෙමඟින් උත්සාහ කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
එමෙන්ම, ද්විපාර්ශ්වික ගිවිසුම් සහ එකඟතාවයන් පදනම් වන්නේම බොහෝදුරට රටේ ආර්ථික, සමාජීය වැඩපිළිවෙලවල් සඳහා පමණක් මිස වෙනත් කිසිඳු දෙයකට නොවන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් තහවුරු කර සිටියේය.