මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මත්මිය වෙත කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර සංවිධානයේ සභාපති Mr. Choi Sun Bong මහතා සහ ලේකම් ලසිත නානායක්කාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පරිත්‍යාග කරන ලදි.
කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ලබාදෙන ලද එම පරිත්‍යාගය අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ({Protective Clothing) 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් (Protective Goggle) 480 ක්, ආරක්ෂිත අත්ආවරණ කට්ටල (Protective Gloves) 2000 ක් වේ.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මෙරට කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමග අන්තර්ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙලෙස ආධාර ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස අගය කොට සළකන බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ද එක්ව සිටියහ.