අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ (28) දින බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා. නව ජල සම්බන්ධන ලක්ෂයක් ලබා දීම සඳහා උපක්‍රමික ක්‍රියා මාර්ගය තුනක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එනම් දැනට අක්‍රියව සහ නිසි සැපයුමට බාදා ඇති නල පද්ධතීන් සහ පොම්ප කඩිනමින් පිළිසකර කර ක්‍රියාත්මක කිරීම. ජලය අවශ්‍ය තරම් මුදා නොහැර ජල ටැංකිවල රඳවා ගැනීම සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයන් හි එම පිරිපහදු කිරීමේ ධාරිතාවය ඉහළ නංවා වැඩිපුර පිරිපහදු ජලය නිකුත් කිරීම, මෙම ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ දැනට කල් ඉකුත්ව නිතර අලුත්වැඩියා කරන පයිප්ප වෙනුවට නව ජල නල කඩිනමින් එලීම සහ අපතේ යන සහ කාන්දු වන ජල පද්ධතීන් සඳහා වන ක්ෂණික පිළිසකර කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මෙම ඉලක්කයට පහසුවෙන් ළගා විය හැකි බවද වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ ය.
මීට අමතරව ඉදිරි මාස කිහිපය තුලදී නව ජල ව්‍යාපෘති හතරක් විවෘත කිරීමට සූදානම්ව ඇති බවද කියා සිටියේය. ඒවානම් පට්ටිවිල කැලණි ගඟ දකුණු ඉවුර ජල සමපාදන ව්‍යාපෘතිය, දැදුරුඔය ජල සම්පාදන ව්‍යාපෘතිය , නාගදීප හා වව්නියාව ජල සම්පාදන ව්‍යාපෘතීන් වේ. එමගින් නව ජල සම්බන්ධනයන් 250,000 ට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකි වේ. තවද 2021 මාර්තු වන විට කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය හා අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතව ඇති අතර එමගින් නව ජල සම්බන්ධනයන් 150,000 ට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකි වේ.
යහපාලන රජයේ වැඩපිළිවෙල වුනේ ජල සම්පාදන ව්‍යාපෘති පෞද්ගලික අංශයට ලබා දීමයි. නමුත් අපගේ රජයේ ප්‍රතිපත්ති වලට අනුව ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති කොන්ත්‍රාත් දීම ඉදිරි වසර තුන තුලදී සම්පූර්ණයෙන් ම ඉවත් කර ජල සම්පාදන මණ්ඩලයේම සේවකයින් මගින් ඉටු කර ගැනීමට කටයුතු කර රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමයි.
මෙම අවස්ථාවේදී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර වාසුදේව නානායක්කාර මහතා නළ ජලය වඩා අර පරිස්සමෙන් යුතුව පරිහරණය කරන ලෙසත් ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්නා ලෙසත් ඉල්ලා සිටින ලදී.
කොවිට් 19 වසංගතය හේතුවෙන් නිරෝදාන ඇඳිරි නීතියට යටත්ව ඇති පොලිස් බල ප්‍රදේශයේ මහජනතාවගේ ජල සැපයුම් ඇඳිරි නීති කාලය ඉවත් කර මෙම තත්ත්වය සමනය වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දෙන ලදී. ඒ අනුව බිල්පත් නිසි පරිදි ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි පාරිභෝගිකයන්ගේ ජල සම්බන්ධනයන් විසන්දි නොකරන බව වැඩිදුරටත් දැනුම් දෙන ලදි.
අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, උපදේශක සදක ගුණසේකර යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.