නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවයකින් තොරව මහජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදෙන අතර, නිරෝධායන සෞඛ්‍ය නීති සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන මෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී.