අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර මෙහිදී සුහඳ කතාබහක් ඇතිවිය.
රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළ අතර තම සේවා කාලය තුළදී ලබා දුන් සහය පිළිබඳව ප්‍රණාමය පුද කළේය.
17 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා රට වෙනුවෙන් කළ සේවය පිළිබඳව සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමා, කොවිඩ්-19 තත්ත්වයට මුහුණ දීමට නිරෝධායන කටයුතු සහ අනෙකුත් විධි විධාන ඔස්සේ ගුවන් හමුදාව මේ වනවිට ඉටු කරන කාර්යභාරය අගය කළේය.
එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා නොවැම්බර් 02 දා ගුවන් හමුදාපති තනතුරෙන් විශ්‍රාම යාමට නියමිතය. තිස් වසරක යුද ගිනි නිවා දැමූ හමුදා මානුෂීය මෙහෙයුමට සෘජුව දායකත්වය දැක්වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.