මේ යටතේ ඉහත ප්‍රා.ලේකම් කොට්ඨාශ තුල පිහිටි ග්‍රාම නිළධාරී වසම් 56 හි සෑම වසමකටම එක නිවසක් බැගින් ඉදිකිරීමට නියමිතයි.
එක් නිවසක් ඉදි කිරීම සදහා රජය ලබාදෙන ආධාර මුදල ලක්ෂ 06 කි. පලමු අදියර යටතේ නිවාස 18 කට මුල් ගල් තබා වැඩ ආරම්භ කිරීම පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා අතින් සිදු කෙරිණි.
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, දේශයේ සෑම පවුලකටම නිවසක් හිමිකර දීම ඒහි එක් අරමුණකි. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දිනට පෙර නිවාස ඉදි කිරීමට අපේක්ෂා කෙරේ.