එමෙන්ම, PCR පරීක්ෂණය මඟින් වෛරසය අසාදනය වූ අයෙක් බව හඳුනාගත හොත් දැනට ක්‍රියාත්මක වන රෝහල් පද්ධති තුනහි යෙදවීමට කටයුතු කරන අතර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, දෙවැනි මට්ටමේ රෝහලකට ඇතුළත් කෙරෙන අතර වෛරසය අසාදිත එහෙත් රෝගලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතටත් යොමුකෙරේ.
එමෙන්ම, අතුරු අබාධ/ නිධන්ගත රෝග ඇති,බරපතළ හානි විය හැකි, අසාදිතයෙකු හට දරුණු ලෙස රෝග ලක්ෂණ තිබේ නම් පළමු මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරේ.
මෙවර ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසය කන්දකාඩු පොකුරෙන්, නාවික පොකුරෙන් හෝ මතු වූ වෛරස ව්‍යාප්තියට වඩා ඉතා ඉක්මණින් තවකෙකුට පැතිරීමේ හැකියාව පවතින බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ බව ඊයේ (31) දිනයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රයෙෂණයකින් තහවුරු වී ඇති බවත් එම වෛරසය වඩා සාස් වර්ගයේ උප වර්ගයක් වන B142 වර්ගයේ වෛරසයක් වන බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව, පුද්ගලයින් ආසාදිතයින් වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මෙහි දී අනාවරණය කළ ඒ මහතා හැකි තරම් සංචරණය සීමා කොට හැකි තරම් නිවෙස් තුළට වී සිටින්නැයි ද ඒ මහතා ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
යම් කිසි පුද්ගලයෙකු රෝගියෙකු යැයි වාර්තා වූ විට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය යැයි සඳහන් කළ හොත් ඒ සඳහා අනිවාර්යයෙන් ඉඩ දෙන ලෙසත්, PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු නිවසේම රැඳී සිටින ලෙසත්, යම් කිසි හේතුවක් නිසා නිවසෙන් බැහැර වීමට අවශ්‍ය වුවහොත් මේ වන තෙක් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසත්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිධන්ගත රෝගාබාධ වලින් පෙළෙන්නන් මෙම වෛරසය වැළඳීමට ඇති හැකියාව අවම කර ගත යුතු බවත් ඒ මහතා මෙහි දී ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.