රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව නගරයේ රථවාහන තදබදයන් පවතින ස්ථාන හා මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සහභාගී වෙමිණි.
ඒ අනුව හදුනාගත් ස්ථානවල වටරවුම් ඉදිකිරීම හා පුළුල් කිරීම, විකල්ප මාර්ග ඉදිකිරීම, ගුවන් පාලම් ඉදිකිරීම හා ප්‍රධාන නගර ආශ්‍රිත මාර්ග අලංකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.
වැඩිම ජනගහනයක් ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොළඹ වාණිජ නගරය හා තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන බැවින් ප්‍රධාන නගර තුළදී ඇතිවන රථවාහන තදබදයට කඩිනමින් විසදුම් ලබාදීම ඉතා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
මෙම වැඩපිළිවෙලට සාමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම එක් මාර්ගයක් තෝරාගෙන එම මාර්ගයට සමාන්තරව ඇවිදින මං තීරුවක් ඉදිකිරීම, මග දෙපස පැල සිටුවීම හා වීදී ආලෝක පද්ධති සකස් කිරීම තුළින් ප්‍රධාන නගර අලංකරණය ඉතා වැදගත් කාර්යයක් බැවින් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ අංශ වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.
මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු චින්තා විජේසිංහ මහත්මිය ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්වූහ.