අද පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව රැස් වූ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග 02 ක් විවාදයට ගනු ලැබිණි. මෙම විවාදයට එක්වෙමින් සහ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලේමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය මෙවර 10,500කින් වැඩි කළ බවත් වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 371 ක් වැඩි කල බවත් සඳහන් කළ අමාත්‍යවරයා සබරගමුව විශ්ව විද්‍යාලයේ යටිතල පහසුකම් වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ සඳහා කටයුතු කරන බවද කීය.
වසරකට වෛද්‍යවරු 700ක් පමණ විදේශගතවන බවත් ආසියාවේ අනෙක් රටවල් හා ජනගහණයත් සමග සසඳන කළ මෙම වෛද්‍යවරු ප්‍රමාණය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් තව තවත් වෛද්‍යවරු අවශ්‍ය බවද පැවසූ අමත්‍යවරයා අපගේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාව සහ නිපුණත්වය නිසා රටට කීර්තියක් අත් කර ගත හැකි වී ඇති බවත් එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු බව ද පෙන්වා දුන්නේය.