තමා මුහුදට බිලිවුවහොත් කොරෝනා වසංගතය තුරන් වන්නේ නම්, ඊට ද තමා සූදානම් බව අමාත්‍යවරිය සඳහන් කළාය. වෛද්‍ය ආඥා පනත් යටතේ නියෝග 02ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්අ මාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මේ රටින් නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් ම තුරන් වී යන්නේ නම් තමන් මුහුදට බිලිවෙන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. නව කොරෝනා වෛරසය මර්දනය කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසට උදෑසන සිට හවස දක්වා සිය අමාත්‍යාංශයේදී තාක්ෂණික රැස්වීම්වලට සහභාගි වන බව ඇය කියා සිටියා. ඇය පෙන්වා දුන්නේ ඒ අතරතුරේදී විවිධ ආගමික පාර්ශවවලින් සිදු කෙරෙන ඉල්ලීම්වලට ද සවන් දී ආගමික කටයුතුවලට සහභාගි වීමට තමන්ට සිදු වන බවයි.
ඒ අනුව තමන් පසුගිය දවසක සහභාගි වූ ආගමික කටයුත්තක් සම්චලයට ලක් කරමින් පවිත්‍රා මුහුදට බිල වී හෝ කොරෝනා තුරන් වනවා නම් හොදයි යනුවෙන් සමාජ ජාලාවල ප්‍රචාරය වූ බව ද ඇය පැවසුවා. තමන් මුහුදට බිලි වී හෝ කොරෝනා මේ රටින් තුරන් වන්නේ නම් එය සිදු කිරීමට නොපැකිළි වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.
හොංකො විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා ඇතුළු මේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව රජය සෑම විටම කටයුතු කරන බවත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන කොරෝනා රෝගින්ට දවස් 12ක් පමණ ගත වූ පසු එවැනි රෝගින්ට කිසිසේත් මෙම රෝගය පැතිරවීමේ හැකියාවක් නොමැති බවත් එවැනි පුද්ගලයින් දින 14කින් පසු පී.සී.ආර් පර්යේෂණ සිදු නොකර නිවෙස් වෙත යොමු කරන බවත් එහෙත් දින 14ක නිවාස නිරෝධායනයකට යොමු කරන බවද කීවාය.
බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙතෙක් පැවතියේ එක් රෝහලක් පමණක් බවත් එහෙත් රජය මේ වන විටත් කොවිඩ් රෝගින්ට ප්‍රතාකාර කිරීම සඳහා රෝහල් 33ක් පිහිටුවා ඇති බවත් පසුගිය මාර්තු මාසය වන විට පී.සී.ආර් පර්යේෂණ සිදු කිරීම සඳහා රසායනාගාර පැවතියේ 06ක් පමණක් බවත් එහෙත් අද වන විට රසායනාගාර 25ක මෙම පර්යේෂණ සිදු කෙරෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. තවද අද වන විට දිනකට පී.සී.ආර් පර්යේෂණ 8000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කෙරෙන බවද පෙන්වා දුන්නාය.
මූලික අවශ්‍යතා හෝ නොමැතිව කොරෝනා වසංගතය හමුවේ සිටි විදේශ ශ්‍රමිකයින්ද මෙරට ගෙන්වීමට රජය කටයුතු කල බවද කීවාය. පළමු කොරෝනා රැල්ල අවසන් වූ පසුත් පී.සී.ආර් පර්යේෂණ අඛණ්ඩව සිදු කළ බවත් ලෝකයේ තවත් දීර්ග කාලයක් මෙම රෝගය පවතිනු ඇති බවත් එහෙත් අප ජනතාව නිවැරදිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළහොත් මෙම රෝගය ජය ගත හැකි වනු බවද සඳහන් කළාය.
නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන්ද සඳහන් කළ අමාත්‍යවරිය මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බවත් එහිදී වැඩි ලකුණු ලබා ගත් කලුබෝවිල රෝහලේ විශේෂක්ඥ වෛද්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ බව සඳහන් කළාය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
කොවිඩ් අරමුදල සම්බන්ධවද ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය