මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කරයි

    නොවැම්බර් 04, 2020

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ත වීම මැඩලීම සඳහා සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය තුළ ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන 7.3 කට අධික (මිලියන 7355.53) අරමුදල් ලබා දී ඇත.

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛරසය නැවත වාර්තා වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී උක්ත කටයුතු වෙනුවෙන් මෙම අරමුදල් ප්‍රමාණය වෙන් කර තිබේ.

    එමෙන්ම, දිසාපතිවරුන් ඇතුළු අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් මේ අයුරින් අවශ්‍ය වන අරමුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද මහා භාණ්ඩාගාරය පවසයි.

    ස්වකීය නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති පවුල් සඳහා සහන මල්ලක් ලබාදීම සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට රු.5000 ක සහන දීමනාවක් ලබාදීම යන සහන කටයුතු සඳහා මෙසේ අරමුදල් වෙන් කර ඇත.

    රු.5000 සහන දීමනාව ලබාදීමේ දී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,721.27 ක්ද, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,333.60 ක්ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 1,310 ක්ද ලබා දී තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහන ලැබිය යුතු පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමට ලබා දුන් මුදල රුපියල් මිලියන 469.57 ක් හා මඩකලපුව දිස්ත්‍රික්කය
    වෙනුවෙන් ලබා දුන් මුදල රුපියල් මිලියන 128.39 ක්ද වේ.

    ඒ අනුව, නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ සහන ලැබිය යුතු පවුල් සඳහා රු.5000 දීමනාව ලබාදීමට මෙම කාල සීමාව තුළ රජයෙන් ලබා දුන් මුදල රුපියල් බිලියන 6.9 කි. (මිලියන 6,962.83) නිවෙස් වල නිරෝධායනට යොමු කළ පවුල්වලට වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා පමණක් රුපියල් මිලියන 75 ක් ලබා දී තිබේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 40 බැගින් ලබා දී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වියදම රුපියල් මිලියන 24.61 කි. ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 17.86 ක් ලබා දී තිබේ. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.92 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.60 ක් යනාදී වශයෙන් දිස්ත්‍රික්ක 20 ක ස්වකීය
    නිවෙස්හි නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර සහන මල්ල ලබා දීමට රජය අරමුදල් ලබා දී ඇත. මේ සඳහා ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 336.54 කි.

    එමෙන්ම, දිස්ත්‍රික්ක 11 ක නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් මිලියන 56.16 ක් ලබා දී තිබේ.

    නාලක කලුවැව
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya