මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්න- අමාත්‍ය මහින්ද අමරවීර

    නොවැම්බර් 06, 2020

    සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්න- අමාත්‍ය මහින්ද අමරවීර

    මුන්දලම පුලිදිවාල් හි කඩොලාන පද්ධතිය විනාශ කළ සැකකරු වහාම අත් අඩංගුවට ගන්නැයි පරිසර අමාත්‍යවරයා පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂකට දැනුම් දෙයි.

    මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිිට කඩොලාන පද්ධතිය විනාශ කළ බවට ඊයේ ජනමාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

    මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම කාරණය පිලිබඳව මධ්‍යම පරිසර අධිකාරිය හා මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාල අංශ වලින් විමසීමක් කරනු ලැබීය.

    මෙම කඩොලාන පද්ධතිය අයත් ඉඩම කිසියම් තැනැත්තෙකුගේ පුද්ගලික ඉඩමක් වන අතර ඔහු විසින් ඉස්සෝ වගාවට යැයි කියමින් එම පරිසර පද්ධතිය කපා ඉවත් කර ඇති බව අදාළ අංශ විසින් තහවුරු කරනු ලැබීය.

    පුද්ගලික ඉඩමක වුවත් කඩොලාන කපා ඉවත් කිරීම නීතිවිරෝධී වන බැවින් එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් (04) රාත්‍රී පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

    මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් පුද්ගලයින් විසින් වරින් වර සිදු කරනු ලබන පරිසර හානි කිරීම් සම්බන්ධව වාර්තා වන අතර ප්‍රාදේශීය ලේකම් වරු, ග්‍රාම නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින්, පරිසර නිලධාරින්, සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක් ප්‍රාදේශීය සේවාවන් හි නිරතව සිටිය දී මෙවැනි පරිසර හානි කිරීම් සිදුවන්නේ එම නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය හා නොසැළකිල්ල නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඒ අනුව දිවයිනේ සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්නැයි ඇමැතිවරයා, මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya