ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් 06 පස්වරුවේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, චන්ද්‍රා රාජපක්ෂ මැතිණිය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.
මැද මුලනේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, පැවති පහන් පූජාව සඳහා ද පවුලේ සාමාජිකයින් සියලු දෙනා එක් වූහ.
පිරිත් දේශනය සඳහා හපුගම්පොත පුරාණ මහා විහාරාධිපති මිද්දෙනියේ ඉන්ද්‍රරතන නාහිමි, පල්ලෙ මුලන ගිරුවාසෑය විහාරාධිපති සපුගස් යායේ ධම්මරතන නාහිමි හා හපුගම්පොත අතුල දක්ෂිණාරාම විහාරාධිපති වකමුල්ලේ චන්ද්‍රවිමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ
දානමය පිංකම සඳහා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන් හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක මුල්කිරිගල රාජමහා
විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම ආගමික වතාවත් පැවැත්විණි