ඒ අනුව, ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් මගින් නොවැම්බර් මස 06 වන දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී (IMBL) නීති විරෝධී ලෙස මෙරට ඩිංගි යාත්‍රාවක් වෙත පටවමින් තිබූ මළු 78ක අසුරන ලද කිලෝග්‍රෑම් 3218කට අධික බරකින් යුත් වියලි කහ තොගයක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (02) හා ඉන්දියන් ජාතිකයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
එමෙන්ම, නොවැම්බර් 06 වන දින කල්පිටිය, මොහොත්තුවරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් ජාවාරම් කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් එම ප්‍රදේශයේ සඟවා තිබූ මළු 45ක් තුල අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1256 ක තොගයක් සහ තුඩාව වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් වෙරළ තීරයේ සඟවා තිබූ මළු 48ක් තුල අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1237ක නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව සමත් විය.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 26 සහ 28 වන වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (02), ඔවුන් ගමන් ගත් ඩිංගි යාත්‍රාව සහ යාත්‍රාවේ තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 695ක් සමඟ සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කල අතර, ඉතිරි කහ තොග නාවික හමුදා භාරයේ තබා ගනිමින් ඉදිරි විමර්ශණ සිදු කරමින් පවතී. එමෙන්ම පවතින වසංගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් සහ ඩව් (Dhow) යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට තවදුරටත් කටයුතු කරන ලදි.