මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    මි.මි.100 ට වැඩි තද වැසි

    නොවැම්බර් 10, 2020

    උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණසහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද  වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව ද  දෙපර්තමේන්තුව සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya