මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

    නොවැම්බර් 10, 2020

    නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 09 දින විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.

    18 වැනි ගුවන් හමුදාපතිධූරයට පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙසේ නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සිය සේවය සැලකර සිටියේය.

    නව ගුවන් හමුදාපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී විමසා සිටියේය.

    නව ලොවට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියට ගෙනයාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විශ්වාසය පළ කළේය.

    ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ ඇඟයීමට ලක්විය.

    18 වැනි ගුවන් හමුදාපති ධූරයට පත් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තිස්වසරක යුද ගිනි නිවා ලූ හමුදා මානුෂීය මෙහෙයුමට ප්‍රහාරක යානා බලඝන මෙහෙයවමින් සිය උපරිම දායකත්වය දැක්වූවෙකි.

    1990 වසරේ සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා මෙරටට ගෙන ආ නියමුවෙකු මෙන්ම කෆීර් යානා බලඝනයේ අණදෙන නිලධාරියා වූ සුදර්ශන පතිරණ මහතා, බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනට දැක්වූ දායකත්වය වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය සහ රණ වික්‍රම පදක්කම දෙවර බැඟින් ද, රණ ශූර පදක්කම සිව් වතාවක්ද හිමිකරගෙන ඇත.

    එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya