මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    කජු අපනයන ගම්මාන සහ අඹ ව්‍යාපෘති රැසක් - දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව අනුරාධපුරයේ දී

    නොවැම්බර් 10, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රඅමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික ආර්ථිකය සංවර්ධනයට සමගාමීව සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් සිදු කෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ ,දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව අනුරාධපුරයේ දී පවත්වන ලදී.

    සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනොපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව ලෙස
    රාජ්‍යය අමාත්‍යංශය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 04 කට වෙන් කර ඇත.

    ඉන් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව නියෝජනය කරන ඇමතිවරුන්, ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානනින් (09) අනුරාධපුයේදී දිස්ත්‍රික් දේශපාලන නායකයන් හා රාජ්‍යය නිළධාරීන් හමුවීම සිදු කෙරිණි.උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම කමිටුව පැවැත්විණි.ඊට රාජ්‍යය අමාත්‍යංශ ලේකම්වරුන් සිය අමාත්‍යංශයන්හි වැඩපිළිවෙල සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ලැබීය.

    ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමනේ සහ ග්‍රාමීය මට්ටමින් අමාත්‍යංශවල වැඩසටහන් සකස් කරමින් අමාත්‍යංශය සහ දිස්ත්‍රික් අතර ආර්ථික සංවර්ධනයේදී සම්බන්ධීකරණය ඇති කිරීමටත්, දිස්ත්‍රික් මට්ටමින් ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් අධ්‍යනයන් , ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටත් අවශ්‍යය කටයුතු මෙහිදී සම්පාදනය කෙරිණි.

    එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යයතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ කුඩා වැවිලි භෝග, වගා ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ, කජු අපනයන ගම්මාන සහ අඹ ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී  ක්‍රියාත්මක කරන බවය.

    මෙහිදී එම අමාත්‍යාංශයේ රාජ්‍යා ලේඛම්තුමා වැඩිදුරටත් එම ව්‍යාපෘති පිළිබදව විස්තර ඉදිරිපත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya