මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    ලබන 12 වැනිදා පාර්ලිමේන්තුව පැය 10ක් රැස්වේ

    නොවැම්බර් 10, 2020

    2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  (09) තීරණය කළේය.


    ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියවීම සිදුවනු ඇත. ඉන්පසු පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විපක්ෂය විසින් ගෙනු ලබන යොජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ලබනු ඇත.

    එදින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව නොපැවැත්වෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබීමක්ද සිදු නොවනු ඇත.
    මේ අතර 2021 වර්ෂය සඳහා අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වැනිදා සිදු කරනු ලබයි.
    කොවිඩ් 19 අර්බුදය නිසා අයවැය දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථාව දින 11 කට සීමා කළ යුතු යැයි මෙම රැස්වීමේදී යෝජනා වුවද විපක්ෂය ඒ සඳහා සම්පූර්ණ දින ගණන ලබා දිය යුතු බව ප්‍රකාශ කර සිටියහ.

    මේ අනුව අයවැය දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථාව පවත්වන දින ගණන සම්බන්ධව අවසන් තීරණයක් නොගැණුනු අතර ලබන 12 වැනිදා නැවත පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට එකගතාවය ඇතිවිය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මැති ඇමතිවරුන් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya