පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව සොයා නොලැබීම නිසා වල් බිහිවී විනාශ වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, මගනැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
යන්ත්‍රෝපකරණ මේ ආකාරයෙන් විනාශවීම ජාතික අපරාධයක් බව සදහන් කළ ජොන්ටන් ප්‍රනාන්දු මහතා, සියළුම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව වාර්තාවක් හා එහි වටිනාකම්ද තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙස මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට,අමාත්‍යවරයාගේ ලේකම් මෙහොමඩ් ශාකීර් මහතාට හා මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත්‍රික අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.