එමෙන්ම, පුද්ගලික බස්රථ වලට ලිසිං අය කිරීම මාස 06 කට අයකිරීම නැවැත්වීමටත්, ලංකා බැංකුව මඟින් සහන පොළිය යටතේ ලක්ෂ 03 බැඟින් ලබා දීමටත් ඊට ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය හිමිවී ඇති බවත් ඒ මහතා මෙහි ප්‍රකාශ කළේය.
කෙසේවුව ද, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මෙරට ගමනාගමනය තුළ විවිධ ගැටළු පැනනැගිමත් සමඟ විශේෂයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, පෞද්ගලික බස්රථ ධාවකයින් හටත් මෙලෙස ගැටළු පැන නැඟී ඇති අතර මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට විශාල අදායම් අඩු වීමකට ලක් ව තිබෙන බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයෙහි මිලියන 75 ක් පමණ වන දිනක සාමාන්‍ය අදායම මේ වන විට මිලියන 18 ට අඩු වී ඇති බවත්, ඒ ආකාරයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අදායම මිලියන 18 ක් වූ අතර එය ද මේ වන විට මිලියන 05 දක්වා අඩු වී ඇති බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.
මේ තත්ත්වය මත රජයටත් ඉතාම වැය බරක් දරන්නට සිදු වී ඇති බවත්, සිසු සැරිය සහ දුෂ්කර මාර්ග වල ධාවනය ඒ ආකාරයෙන්ම කටයුතු කෙරෙන බවත් සඳහන් කළ හෙතෙම, පෞද්ගලික අංශය ද මඟී ප්‍රවාහනයට විශාල දායකත්වයක් ලබා දෙන හෙයින් ද, ඔවුන් වෙනුවෙන් ද කිසියම් සහනයක් මේ මොහොතේ ලබා දීමටත් රජය කටයුතු කරන්නට තීරණය කළ හෙයින් ද, ගාස්තු වැඩි කිරීමක් ප්‍රතිපත්තියක් වශයෙන් සිදු නොකළ ද, සෞඛ්‍ය නීතිරීති අනුව ධාවනය කිරීමේ දී පෞද්ගලික අංශයට සිදුවන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තු ප්‍රමාණයක් අය කිරිමට අවසර ලබා දෙන බවත් මෙහි දී සඳහන් කළේය.