කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මෙරටට ගෙන්වා තිබෙන්නේ පුද්ගලික ආයතනයක් විසින් . එම කටයුතු සිදු කර තිබෙන්නේ රජයේ අනුදැනුම යටතේ යැයි විපක්ෂය විසින් නගන චෝදනා පදනම් විරහිත අසත්‍ය කරුණු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා (11)දින පෙරවරුවේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි INSEE සිමෙන්ති සමාගමේ පැවැති සාකච්ඡාවකට සහභාගි වු අතර එහිදී මාධ්‍යවේදින් මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පුද්ගලික ආයතනයක් විසින් එම උපකරණ ගෙන්වා තිබුනද රෝහල්වල භාවිතයට ඒවා යොදා ගැනිමේ හැකියාව හා සුදුසුබව පිලිබඳ තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊට අදාල බලධාරින් විසින් බවයි.
එහෙත් විපක්ෂය දිගින් දිගටම රජයට චෝදනා එල්ල කරමින් මෙම උපකරණ මෙරටට ගෙන්වා ඇත්තේ පිිලිගත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යැයි කියමින් රජයට විරුද්ධව අසත්‍ය චෝදනා නගමින්
සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී එක් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් 19 ජයගැනීම සඳහා රජයට උදව් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බවයි.
ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, විපක්ෂය දෙන එකම සහයෝගය රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම පමණක් ම බවයි. රජය වැරදි තීන්දුවක් ගෙන ඇත්නම් එය විවේචනය කිරීම හොඳ
දෙයක්. විපක්ෂය විසින් එය කළ යුත්තක්. නමුත් කිසිදු පදනමක් විපක්ෂය සිදු කරන්නේ රජය විවේචනය කිරීම පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂය රජයට කරන උදව්ව ඕවා තමා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.