මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම විවාදය

    නොවැම්බර් 12, 2020

    විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

    ඒ අනුව නොවැම්බර් (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි.

    දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය ලබන 13 වනදා පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya