විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2020 වසර ලංකා ඉතිහාසයේ දුෂ්කරතා සහිත වසරක් බවත් මුල් මාස තුනේදී මෙරට පැවතියේ භාර කාර රජයක් වූ අතර මුළු ලෝකයේම වසංගත තත්වයකට මුහුණ දුන් සහ ආර්ථිකය පසුබෑමට ලක් වූ වසරක් බවත් පැවසූ අමාත්‍යවරයා, මෙවන් තත්වයක් යටතේ රටක් පාලනය කිරීම අභියෝගාත්මක කරුණක් වූ අතර එහෙත් රජය එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ඉලක්ක පිළිබඳව පැහැදිළිව පෙන්වා දී ඇති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් 2019 වසරේදී 9.9% දක්වා වැඩි වී තිබූ අය වැය පරතරය ඉදිරි වසර 5 තුළ 4% දක්වා අඩු කර ගන්නා බවත් බවත් , රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයක් ලෙස 75% දක්වා අඩු කර ගැනීම, දේශීය සහ විදේශීය ණය අඩු කර ගැනීම වැනි මෙවලම් භාවිතා කරමින් රජය යම් විශ්වාසයක් ඇතිව 2021 වසරට මුහුණ දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
විදේශ ණය ගැනීමේදී වඩාත් කල්පනාකාරී ලෙස කටයතු කළ යුතු බවත් පොළී අනුපාතය පමණක් නොව එමගින් රුපියලේ අගය පහළ යන බවත් පැවසූ අමාත්‍යවරයා, පසුගිය රජය සිදු කළාක් මෙන් බදු ගැසීමෙන් පමණක් රජයකට ඉදිරියට යා නොහැකි බව පැහැදිළි කළේය.
මේ වන විටත් විවිධ අංශ කිහිපයක රටේ පිබිදීමක් ඇති වී තිබෙන බවත් රුපියල් බිලියන 5000ක් පමණ වටිනාකමකින් යුතු මහා පරිමාණ නව ව්‍යාපෘති 289ක් පමණ රජය මේ වන විටත් සිදු කරගෙන යන බවත් එම ව්‍යාපෘති පසු විපරම් කරමින් සහ අධීක්ෂණය කරමින් රටේ වර්ධන වේගය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසූ කබ්රාල් මහතා, ණය බරතාවය අඩු කරගෙන රටේ ප්‍රගතිය ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. කොටස් වෙළෙඳපොළ මේ වන විටත් වර්ධනය වෙමින් පවතින බව පැවසූ රාජය අමාත්‍යවරයා ආයෝජකයන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බවද ණය ලිහිල් කිරීම, පොළී අඩු කිරීම සහ බදු අඩු කිරීම නිසා සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් මේ වන විටත් නැගී සිටින බවත් පැහැදිළි කළේය.
රටට ලැබනෙ විදේශ ප්‍රේෂණ ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවත් නැවත් වරක් අපේ රටට සෘජු ආයෝජන ගලා එමින් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා පටු දේශපාලන අරමුණු වලට මුහුණු නොදී රජයට සහය ලබා දෙන මෙන් කීය.