මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    මිනිසුන්ව හිර කර තිබූ ආර්ථිකයෙන් ඔවුන් ගලවා ගැනීමට රජය කටයුතු කළා - අමාත්‍ය දයාසිරි ජයසේකර

    නොවැම්බර් 12, 2020

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීම රජයේ බලාපොරොත්තුව වූ බවත් විශාල බදු සහන ලබා දෙමින් පොළී අනුපාතය අඩු කරමින් මිනිසුන්ව හිර කර තිබූ ආර්ථිකයෙන් ඔවුන් ගලවා ගැනීමට රජය කටයුතු කළ බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජය සිදු කළ විවිධ කොන්ත්‍රාත් සඳහා හිග මුදල් වශයෙන් රජයට විශාල මුදලක් ගෙවීමට සිදු වූ බවත්, අධික බදු ගැසීම නිසා කිසිම ව්‍යාපාරිකයෙකු නව ආයෝජනයක් කෙරෙහි යෙමු නොවූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු නොවූයේ නම් මේ වන විටත් ආර්ථිකය විශාල නැගීමකට ලක් වන බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී රටේ ආර්ථිකය නැංවීම සඳහා පක්ෂ භේදයකින් තොරව සහාය වන්නැයි ඉල්ලා සිටියේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya